ඉන්දියාවෙන් ලංකාවට නිවේදනයක්

Share

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්විමෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩ්දුරටත් සඳහන් කර අැත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම ඉන්දියාව පිළිගන්නා බවත් ඉදිරියටත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කර ගැනිමට කටයුතු කරන බවයි.

“ඉන්දියාවේ අසල්වැසි සත්‍ය මිතුරෙක් ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම ඉන්දියාව පිළිගන්නවා. මෙය සෑම පරිනත දේශපාලන ප්‍රවාහයකම පූර්ණත්වය පෙන්වනක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා එහි ආයතනවල ස්ථාවරත්වය පෙන්නන්නක්.

ශ්‍රී ලංකාවේ ජනතාභි මුඛ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දීය දායක්තවත්වය අඛණ්ඩව ලබාදෙනවා. අපි විශ්වාස කරනවා ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ඉදිරියට ගමන් කරාවි කියා” යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රවීශ් කුමාර් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read more

Local News