ශ්‍රි ලංකා ඉතිහාසයේ පළමු වතාවට දෙමළ සන්ධානය විසින් මෙහෙයවෙන ආණ්ඩුවක් බිහිවීම රට මුහුණදී ඇති භයානක තත්ත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
ඒ් මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පස්වරුවේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරුදෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඊයේ පස්වරුවේ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරනු ලැබිය.



