එජාපයට නොයන බව මන්ත්‍රීවරයෙක් කියයි

Share

“ප්‍රශ්න නිරාකරණය කරගන්න, මුදල් අරගෙන යු.ඇන්.පීයට ගියා කියලා සමහර අය ප්‍රචාර යැව්වා. යනවනම් යන්න තිබුණෙ මීට ගොඩක් කාලෙකට කලින් හැබැයි දැන් යන්නෑ” යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණට එක්වූ බවට පැතිර යන ප්‍රචාරයන්ට පිළිතුරු දැක්වීම සඳහා පසුගියදා මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් “එක්සත් ජාතික පක්ෂයට පසුගිය කාලේ උවමනාවක් තිබුණා මන්ත්‍රීවරු විවිධ වරප්‍රසාද වලට,මුදල් වලට, ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරල දෙනවා කියලා ඔවුන්ගේ ග්‍රහණයට ලක්කර ගන්න. ඒ අවස්ථාවලදී සමහර අය මුදලට ගියා. තවත් සමහර අයට ප්‍රශ්න තිබුණ නිසා ඒවා නිරාකරණය කර ගන්න ගියා. හැබැයි අපිට එහෙම යන්න අවශ්‍යතාවක් නෑ. මොකද නිර්දෝෂීව සෑම අවස්ථාවේදීම කටයුතු කළ නිසයි වර්තමානයේ පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   එක්ව ගමනක් තමා යන්නෙ.

ඉතින් එවැනි තත්වයක් නිසයි මම ගියාද කියලා ගොඩක් අය අහන්න ගත්තේ. මම ඇහුවා කොහෙද කියලත්. එහෙම තමා දැනගත්තෙ පක්ෂෙ මාරු කරලා ගියාද කියන එක. එදා ඉඳල අපි වමේ. ඒ වගේම මහින්ද මහත්තයට පක්ෂව මොන ප්‍රශ්න තිබුණත් පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා. අනාගතයටත් කටයුතු කරන්නේ  එහෙමයි” යනුවෙන් ඒ මහතා පැවසීය.

Read more

Local News