Home දේශීය පුවත් පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

0
පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

රුපියල් 3000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා 04කට වරදකරු වු පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩ සහිත වසර 08ක සිරදඩුවමක් නියම කර තිබේ.

ගිරාදුරුකෝට්ටේ පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට මෙම දඩුවම නියම වී ඇත.

2014 වසරේ මැයි මාසයේදී රථ වාහන චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් රියදුරෙකුට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා රුපියල් 3000ක අල්ලසක් ලබා ගැනිම ඇතුළු අධිචෝදනා 04 ක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොණු කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා චෝදනාවලට වරකරු බව නිගමනය කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම දඩුවම නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here