කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශයේ නායයෑම් අවදානම හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් නව ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ වැඩසටහනක් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) කළුතර – දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්වූ ප්‍රදේශවාසීන් වෙනුවෙන් දොඩම්ගොඩ – පිස්කල්වත්ත ප්‍රදේශයෙන් එක් අයෙකුට පර්චස් 12 බැගින් වූ ඉඩමක් වෙන්කර එ් වෙනුවෙන් හිමිකම් බලපත්‍ර ප්රදානය කිරීම මෙහිදී සිදු විය.