ජාතික නිදහස් දිනය සමරන්න ජාතික කොඩිය ඔසවමු

Share

71 වන ජාතික නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

මෙම ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් සියලුම නිවෙස්වල, වෙළද ව්‍යාපාරික ස්ථානවල, රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථවාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් ජාතික දින උත්සවය සැමරීම සඳහා එක්වන ලෙස  මහජනතාවට දැනුම් දෙයි.

ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News