Home දේශීය පුවත් අම්බලන්තොට නිවසක ගින්නක්

අම්බලන්තොට නිවසක ගින්නක්

0
අම්බලන්තොට නිවසක ගින්නක්

අම්බලන්තොට, බැල්ලගස්වැව ප‍්‍රදේශයේ නිවසක අද(29) උදෑසන ඇති වූ හදිසි ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙන බවට වාර්තා වෙයි.

ගින්නෙන් අදාළ ගෙහිමි කාන්තාව සුළු තුවාල ලබා ඇති බවට වාර්තා වෙයි.

මෙම නිවස තුළ කුඩා වෙළඳ සැලක් පවත්වා ගෙන යන අතර එම වෙළඳ සැලේ ඇති අධි ශීතකරණයේ ඇතිවු විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න ඇතිවෙන්නට අැති බවට සඳහන් වෙයි.

මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ලැබී ඇති අතර අම්බලන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here