ගණිකා නිවාසයක් වටලයි

Share

වැලිකඩ පොලිස් වසමේ බුත්ගමුව පාරේ, රාජගිරිය ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලා තිබේ.

වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව, අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර ඇත.

ගණිකා නිවාසය කළමණාකරණය කිරීම සම්බන්ධව සැකකරුවෙකු සහ ගණිකා වෘත්තියේ රැඳී සිටි සැකකාරියන් 6 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 32,23,24,25,27 හා 28 වයස්වල පසුවන වව්නියාව, හෝකන්දර, මැදගම, බලංගොඩ, තණමල්විල, බොරැල්ල හා රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද වාර්තා වෙයි.

සැකකරු සහ සැකකාරියන් අද(29) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News