කොස්ලන්ද, කැලිපනාවල මහතැන්න කැළයේ වන සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද විදුලි රැහැනක පැටලී, විදුලි සැරවැදී පුද්ගලයෙක් මරණයට පත්ව ඇත.
ඊයේ(29) දා සවස එම කැළයේ නෙල්ලි කැඩීමට ගිය පුද්ගලයෙක් මෙසේ මරණයට පත්ව ඇති බවයි කොස්ලන්ද පොලීසිය සඳහන් කළේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොස්ලන්ද මහතැන්න පදිංචිව සිටි කොඩිකාර ආරච්චිගේ මුණසිංහ 48 හැවිරිදි දෙදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.