තලවාකැලේ දී යුවළකට බඹර ප්‍රහාරයක්

Share

තලවාකැලේ, පුංචි කටුකැලේ තේ වතුයායේ, තම එළවළු කොටුවේ වැඩ කරමින් සිටි යුවළකට අද(30) දහවල් 12.00ට පමණ එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයකින් සැමියා මියගොස් බිරිඳ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර අැති බවට වාර්තා වෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පළණියාණ්ඩි සුබ්‍රමණියම් හැත්තෑ දෙහැවිරිදි (72) පුද්ගලයෙකි.

එළවළු කොටුව අසල තිබූ ගසක බැඳ තිබූ විශාල බඹර කුඩුවක් ඇවිස්සී තමන්ට පහරදුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින කාන්තාව පැවසුවාය.

මිය ගිය අයගේ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව තලවාකැලේ පොලීසිය පවසයි.

Read more

Local News