ගලේවෙල-මාතලේ මාර්ගයේ බස්රථ වර්ජනයක්

Share

ගලේවෙල-මාතලේ මාර්ගයේ පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් බස් ධාවනයෙන් ඉවත්ව තිබෙන බවට වාර්තා වෙයි.

එ් පුද්ගලික බස් රථ වේලා සටහන්කරුවෙකුට එරෙහිවයි. අද(30) අලුයම 5.00 සිට ඔවුන් බස් රථ 35 කට වැඩි සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්ව කරගෙන ඇත.

බස් රථ කොන්දොස්තරවරයෙකුට වේලා සටහන්කරුවෙකු විසින් පහරදී තුවාල සිදුකිරීම හා තවත් කොන්දොස්තරවරයෙකුගේ සේවා සහතිකය අවලංගු කිරීමට විරෝධය පළකරමින් හා වේලා සටහන්කරු මාරුකර හරින ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධය පළකරන බවටයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ කොන්දොස්තරවරයා දින හතරක් නේවාසිකව ගලේවෙල රෝහලේ ප්‍රතිකාර ලබා තිබේ.

Read more

Local News