සෙවනගල ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙයි.
පුද්ගලික ආරවුලක් මත කාන්තාවක් විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම පුද්ගලයාව ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා 34 හැවිරිදි සෙවනගල එකමුතුගම ප්රදේශයේ පදිංචිව සිටි අයෙක්.
ඝාතනය සිදුකළ සැකකාර කාන්තාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.