කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා අද වරද පිළිගන තිබේ.
අනතුරුව ඔවුන්ව රුපියල් 50,000ක් බැගින් වු දඩ මත මුදා හැරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය අද(05) නියෝග කළේය.
මෙලෙස දඩ නියමවූයේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 8 දෙනෙකුට වන අතර, ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 23 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේය.