2020 වන විට ශ්‍රී ලංකාව ලාදුරුවලින් තොර රටක්

Share

පසුගිය වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් 1683ක් වාර්තා වූ බවත් එම රෝගීන්ගෙන් 41%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා ජේ. අලුත්වීර මහත්මිය පවසයි.

2020 වන විට පුද්ගලයන් 10000:1ක් ලෙස ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම මූලික ප්‍රයත්නය බව අලුත්වීර මහත්මිය ප්‍රකාශ කළාය.

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ලාදුරු රෝගීන් වාර්තා වුවද කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි. මීට හේතුව වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙහි නිසි හා සුපිරිසිදු වාතාශ්‍රයක් නොමැති වීමත්, එක් නිවසක ජීවත්වන සාමාජික සංඛ්‍යාව වැඩි වීමත්ය. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සදහා ක්‍රියා මාර්ග රැසක් ගනු ලබයි.

ඒ අතර ලංකාව පුරා චර්ම රෝග සායන පැවැත්වීම හා මේ අතරින් ජංගම සායන විශේෂ ස්ථානයක් ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානයේද සහාය ඇතුව මෙරට චර්ම රෝග විශේෂඥවරුනගේ මැදියත් වීමෙන් ලාදුරු රෝගය තුරන් කිරීමට පියවර ගන්නා බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සුපුන් විජේසිංහ මහතා ඊයේ(05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ප්‍රතිකාර කරන රෝගීන්ගෙන් මෙම රෝගය කිසිසේත්ම බෝ නොවන අතර රෝග ලක්ෂණ මතු වූ වහාම ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් බව වෛද්‍ය සුපුන් විජේසිංහ මහතා තවදුරටත් පැවසීය.

Read more

Local News