ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් නීති විරෝධි අයුරින් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 9 දෙනෙකු නුවරඑළිය බොරලන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳි සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් වයස අවරුදු 24ත් 42ත් අතර පසුවන්නන් බව සඳහන් වෙයි.
ඔවුන් අද(08) නුවරඑළිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.