කුරුණෑගල ඉදිවූ ජාතික පාසල සිසු අයිතියට පත් කිරිම 13 වනදා

Share

“ළඟම පාසල -හොඳම පාසල“ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1000ක ආයෝජනයෙන් කුරුණෑගල, මඟුරුඔයවත්තේ ඉදිවූ විශ්වෝදා ජාතික පාසල සිසු අයිතියට පත් කිරිම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ මස 13 වනදා සිදු කිරීමට නියමිතව තිබේ.

දිවයින පුරා පාසල් පහසුකම් සහිත පාසල් බවට පත්කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ ජන ඝණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගනිමින් පහසුකම් සපිරි ජාතික පාසල් අලුතින් ඉදිකිරීමට ද පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතරට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

කුරුණෑගල නගර සීමාවෙන් බැහැරව ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් සුදුසු ග්‍රාමීය පරිසරයක මෙම පාසල ඉදිකෙරෙන අතර, අංග සම්පූර්ණ පන්ති කාමර, සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, සුහුරු පන්තිකාමර(Smart Class Room), ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා, ඇතුළු සියලු පහසුකම් මෙම ජාතික පාසලට ඇතුළත් ‍වෙයි.

Read more

Local News