සුළඟේ වේගය අදත් වැඩිවෙයි

Share

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය අද(12) සහ හෙට(13) දිනයන් හිදී වැඩිවේයැයි බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා විශේෂයෙන් වයඹ, උතුරු, උතුරුමැද, දකුණු සහ නැගෙනහිර පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැක.

නැගෙනහිර, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News