දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අසංග එස් බෝදරගම විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට බලපත්‍ර ලබාදීමට රුපියල් ලක්ෂ 81 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි චාමර සම්පත් දසනායක අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.



