හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස, තෙලවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඊයේ (19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරු 5.15 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත්තේ. එහිදී සැකකරු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සහ රුපියල් 33,000 ක මුදලක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් 34 හැවිරිදි තෙලවල, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇනි බව වැඩිදුරටත් සඳහන්.



