Home දේශීය පුවත් අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

0
අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් රත්නපුර, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

කන්කසන්තුරේ සිට පුත්තලම සහ මන්නාරම හරහා මීගමුව දක්වා සහ බලපිටිය සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here