2019 අයවැය හෙට පාර්ලිමේන්තුවට

Share

2019 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට හෙට (05) දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2390 ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් බිලියන 4550ක් ලෙස සටහන් වෙයි.

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය මස 05වනදා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

ඊට අනුව මේ වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2390 ක් වන අතර අපේක්ෂිත වියදම් රුපියල් බිලියන 4550 ක් ලෙස සටහන් වෙයි.

ඒ අනුව 2019 වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 2160 කි.

මේ අතර සමස්ත රාජ්‍ය වියදම වූ රුපියල් බිලියන 4450 න් රුපියල් බිලියන 2232 ක මුදලක් වෙන්කර ඇත්තේ ණය සේවාකරණය වෙනුවෙන් වීම විශේෂත්වයකි.

ඒ අනුව 2019 වර්ෂයේ රාජ්‍ය වියදමින් 50.15%ක්ම වැයවන්නේ දේශිය සහ විදේශිය ණය ගෙවීම සඳහායි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ වර්ෂයක නොවැම්බර් මාසයේදී වුවද පසුගිය වසරේ එම කාලසීමාවේදී රටේ පැවති දේශපාලන වාතාවරණය හේතුවෙන් එය හෙට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

මේ හේතුවෙන් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් වර්ෂයේ මුල් මාස 03 සඳහා අතුරු සම්මත ගිණුමක්ද පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේය.

ඒ අනූව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News