Home දේශීය පුවත් මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ – සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ – සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

0
මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ – සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ කිසිදු  යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය එකම දිනකදී තිබිය යුතු යැයි යන යෝජනාව ඉදිරිපත් වී තිබෙන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක් මැතිවරණයක් සඳහා කෝටි 80ක් වැනි විශාල මුදලක් වැය වන බව මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර කඩින් කඩ මැතිවරණ පැවැත්වීම මේ අනුව විශාල අර්බුදයක් බව සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණයේ ඡන්ද ක්‍රමය වෙනස් වනවා සේම පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ක්‍රමය වෙනස් විය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂය කඩින් කඩ මැතිවරණ තැබීම සම්බන්ධයෙන් දිගින් දිගමට විවේචනයක සිටි බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

කඩින් කඩ මැතිවරණ තැබීම වෙනුවට එක් දිනකදී මැතිවරණ තැබීමට කටයුතු  කරන බව එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වේදිකාවේදී පවා ප්‍රකාශ කර තිබෙන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here