Home දේශීය පුවත් නිතී විරෝධිව මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් 3ක් අත්අඩංගුවට

නිතී විරෝධිව මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් 3ක් අත්අඩංගුවට

0
නිතී විරෝධිව මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් 3ක් අත්අඩංගුවට

නිති විරෝධි ලෙස මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් මත්පැන් පෙරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් සමඟ ඊයේ (13) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් පොලිස් වසමට අයත් ෂැනන් වත්තේ කේ.එම් කොටසේ මිරිදිය මත්ස්‍යය පොකුණුවල ආරක්ෂාව සඳහා ඉදි කර ඇති තාවකාලික කුඩාරමක් තුල ඉතා සුක්ෂම ලෙස මත්පැන් පෙරමින් සිටින බවට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

මෙම වැටලිමේදි ගොඩා ලිටර් තුනක්, පෙරන ලද නිති විරෝධි මත්පැන් ස්ප්‍රිතු මිලිලටර් 540 ක්, ගැස් සිලින්ඩරයක් සහ මත්පැන් පෙරිමට උපයෝගි කර ගත උපකරණ රැසක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතුයායේම පදිංචිකරුවන් බවත්, කාලයක් තිස්සේ නිති විරෝධි ලෙස මත්පැන් පෙරා එම වතුයායේම වතු කම්කරුවන්ට අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි බවයි මෙම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here