කොස්ලන්ද ප්රදේශයේදී සිදුවු වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.
ඔහු කොස්ලන්ද වත්ත තේ කර්මාන්ත ශාලාව අසල මාර්ගයක ගමන් කරමින් සිටියදී වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි කොස්ලන්ද වත්ත ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි.
කොස්ලන්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.