පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සැකකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඒ අතරින්, සැකකරුවන් 69 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙත්, තවත් 20 දෙනකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අද(20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් අධිකාරීවරයා මෙම කරුණු අනාවරණ කළේය.
මේ වන විට ත්‍රිවිධ හමුදාවේත් සිවිල් ආරක්ෂක බලකායේත් උපරිම සහයෝගය මත රට තුළ සාමය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.