දහසය හැවිරිදි පාසල් සිසුවියක් අද(23) පෙරවරුවේ සිය පදිංචි නිවෙස තුළ දී ගෙල වැළලාගෙන මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.
මෙසේ මියගොස් ඇත්තේ මස්කෙළිය ස්ටොක්හෝම් තේ වතුයායේ ස්ටොක්හෝම් කොටසේ පදිංචිව සිටි ශිෂ්‍යාවකි.
ගෙල වැළලා ගන්නා බවට ලිපියක් ලියා තබා ඇය පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට මියගිය සිසුවියගේ පියා විසින් මස්කෙළිය පොලීසියට පැමිණිලි කර ඇත.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.