මැක්කන් විශේෂයක් බෝවීම නිසා කොටගල කෙම්බ්‍රිජ් විද්‍යාලයේ පන්ති කාමරයක් තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වෙයි.
මැක්කන් දෂ්ඨ කිරීමෙන් ආසාදනය ඇති වී රෝහල් ගත කළ සිසුන් 21 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන හැටන් කොටගල කෙම්බ්‍රිජ් විද්‍යාලයේ මැක්කන් විශේෂයක් බෝ වීම නිසා අද(24) එම පන්ති කාමරය තාවකාලිකව වසා දැමු බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා පවසා ඇත.
එම විදුහලේ හත වසරේ පන්ති කාමරය තුළ ගේ කුරුල්ලන් විශාල වශයෙන් කූඩු බැද ඇති බවත්, එම කුරුල්ලන්ගෙන් බෝ වු මැක්කන් විශේෂය පන්ති කාමරය තුළ වු ඩෙස් පුටු වල සහ බිත්ති වලට බෝවී ඇති බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කියා සිටියේය.
මැක්කන් විශේෂය නිසා එම පන්ති කාමරයේ අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් 43 දෙනෙකුගෙන් 21 දෙනෙකු අසාදනය ඇති වීම හේතුවෙන් අද උදැසන කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු එම සිසුන් මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇති බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා කියා සිටියේය.
පන්ති කාමරය තුළ බෝවී ඇති මැක්කන් විශේෂය විනාශ කිරීම සඳහා කෘමිනාශක දියරයක් හෙට (25) දිනයේ ඉසීමට කටයුතු කර ඇති බවත්, එම කාමි නාශක ඉසීමෙන් අනතුරුව පන්ති කාමරය පරික්ෂා කර බලා ලබන 27 දින පන්ති කාමරය විවෘත කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.