මාතර, තිහගොඩ නයිවල ප්රදේශයේදි ත්රීරෝද රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් ත්රීරෝද රථයේ ගමන් ගත් 06 දෙනෙකු මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වයස මාස 03ක් වු කුඩා දැරියක මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේය.
අනතුරින් කාන්තාවන් දෙදෙනක්, කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් කාන්තාවක් සහ කුඩා දැරිය වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.