ඖෂධ හිඟය කඩිනමින් අවසන් කරනවා

Share

2018 වසරේ අවසාන භාගයේ දේශපාලන අර්බුදය පැවැති කාලය තුළ ඖෂධ වර්ග 216 ක හිඟයක් නිර්මාණය වුවද එහි බලපෑම තවමත් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රෝහල්වල ඖෂධ හිඟයකින් තොරව පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැතිවිණි.

හිඟයක්ව පැවැති ඇතැම් ඖෂධ තවමත් රෝහල්වලට සැපයීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය එම දේශපාලන අර්බුදය සමයේ ක්‍රියාත්මක නොවීම බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

දින 52 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ කිසිදු ටෙන්ඩරයක් ක්‍රියාත්මක නොවූ බවත්, ඖෂධ ආනයනය කිරිමක් සිදු නොවූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසිය.

දැනට පවතින සුළු ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

Read more

Local News