සංගීත කණ්ඩායම්වල නියෝජිතයන් හා මුදල් ඇමැති අතර හමුවක්

Share

දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල නියෝජිතවරු පිරිසක් ඊයේ (28) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී සිය වෘත්තියට අත්ව ඇති පරිහානිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සංගීත සංදර්ශන පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද එම නිසා තම සාමාජිකයින්ට ගෙවීම් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඒ ගැන සලකා සහනයක් ලබාදෙන්නැයිද සංගීත කණ්ඩායම්හි නියෝජිතයෝ මංගල සමරවීර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් ෙ15 ක නියෝජිතයින් පැමිණ සිටි අතර කොළඹ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එම සාකච්ඡා පැවැත්විණි.

තවද සංගීත උපකරණවලට කල්බදු ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් තිබෙන බවද කල්බදු ගෙවීම සඳහා යම් සහන කාලයක් ලබා දෙන්නැයිද එහිදී සංගීත කණ්ඩායම්හි නියෝජිතයෝ පැවැසූහ.

එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව විවිධ ක්ෂ්‍රේත්‍රවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් ලබාදිය හැකි සහනයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බැවින් සංගීත කණ්ඩායම්වලට බලපා ඇති ගැටළුව කෙරෙහිද අවධානය යොමු කළ හැකි බවය.

Read more

Local News