යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන සම්බන්ධීකාරක හා විපක්ෂ නායක හමුවෙයි

Share

යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන සම්බන්ධීකාරක ජයිලස් ද කර්කොව් මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව ඇත.

විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේ දී පැවති සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා සහ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගී වී සිටි බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය.

තමා ජනාධිපති ධුරය දැරූ සමයේ සෑම විටම ජාතික ආරක්ෂාව පිළිබද කාරණා සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදුන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

වර්තමානයේදී ද තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට පූර්ණ සහයෝගය ලබා දී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා යුරෝපා සංගම් නියෝජිතයා සමඟ පැවති සමඟ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.

Read more

Local News