Home ක්‍රීඩා පුවත් ICCය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයිද ?

ICCය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයිද ?

0
ICCය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයිද ?

අයි.සී.සී. ය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන ඇත.

එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික අයි.සී.සී.ය ප්‍රකාශ කරයි. ඊයේ (18දා) පැවති එහි කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ සියළුදෙනාගේ කැමැත්තෙන් බව වාර්තා වේ.

ඒ අනුව අදාළ තහනම ක්‍රියාත්මක වන කාළය තුළදී අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන අරමුදල් නවතා ඇති අතර අයි.සී.සී. ය සංවිධානය කරන කිසිදු තරගයකට සහභාගි වීමට සිම්බාබ්වේට හැකියාවක් නොලැබෙනු ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අයි.සී.සීය විසින් දන්වා නොමැත. මීට පෙර පසුගිය මසදී අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සියළු සාමාජිකයන්ගේ තනතුරු අත්හිටුවීමටද ක්‍රියා කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here