ගම්පහ ප්‍රදේශ රැසකට පැය 18කට ජල සැපයුම අත්හිටුවයි

Share

කැලණිය, වත්තල, ජා-ඇල, ඇතුළු ප්‍රදේශ රැසකට අද පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, පෑලියගොඩ, කටුනායක – සීදුව යන නගර සභා හා ප්‍රාදේශීය සභාවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News