Home දේශීය පුවත් ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා සජිත්

ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා සජිත්

0
ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා සජිත්

එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වූ බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මැතිවරණය සඳහා මුහුණ දීමට සංධානගත විය යුතුද යන්න පිලිබඳව අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා සාකච්ඡාවේදි සමාජිකයන්ගෙන් විමසු බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

වසර 2ක් වැනි කාලය තුල තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස එකාධිපතියෙකු ලෙස කටයුතු නොකල බවත් එම නිසා මේ අවස්තාවේදිද පක්ෂයේ වැඩි කැමැත්ත අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත් බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගෙන්ද එහිදි මාධ්‍ය වේදින් ප්‍රශ්න කළද ඔහු නිසි පිලිතුරක් ලබා දුන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here