පොහොට්ටුවේ බලාපොරොත්තුව බැසිල් කියයි

Share

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඉදිරි රජයකදී සමුපකාර අංශය ශක්තිමත් කර ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ආර්ථික නිෂ්පාදන කි‍්‍රයාවලිය රාජ්‍ය, පුද්ගලක මෙන්ම සමුපකාර අංශය යටතේත් දියුණු කිරීමේ ප‍්‍රතිපත්තිමය තිරණයකට එළැඹෙන බවද ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් ජනතාවගේ ආර්ථිකය නැංවීමේ අදහසින් අලෙවි හා නිෂ්පාදන ව්‍යාපෘති සමුපකාර අංශය හරහා ඉදිරියට ගෙන යාමටත්, ඒ සඳහා රජයේ අනුග‍්‍රහය ලබාදෙමින් ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම රටේ වත්මන් ආර්ථික ප‍්‍රශ්න විසදීමේ විකල්පයක් ලෙස පෙනීයන බවද හෙතෙම සඳහන් කළේය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද(23) බත්තරමුල්ල නෙලූම්මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති හමුවකදීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානය මඟින් ඉදිරියේ එළි දැක්වීමට නියමිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සඳහා සහෝදර දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීම සහ ඉදිරියේදී එක්ව දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් සහෝදර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ වැඩපිළීවෙලක් මේ දිනවල පක්ෂය මඟින් කි‍්‍රයාත්මක කර තිබේ.

මෙලෙස සාකච්ඡා පැවැත්වූ දේශපාලන පක්ෂ 10ක් සමඟ ඉදිරියේදී එක්ව දේශපාලන කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කිරීම මේ මස 26 වැනිදා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මේ වන විට දේශපාලන පක්ෂ 26ක් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර අද දින හෙළබිම ජනතා පක්ෂය, එක්සත් ජනතා පක්ෂය, අපේ ජන උරුමය පක්ෂය, ජාතික සංවර්ධන පෙරමුණ, ශී‍්‍ර ලංකා ජන බල පක්ෂය, ලංකා ජන සරණ පක්ෂය, ඊලචර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා මහා සභාව, හා නව භූමි පුත‍්‍ර පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී ඒ ඒ දේශපාලන පක්ෂ විසින් ප‍්‍රතිපත්ති යෝජනාව සඳහා ඇතුළත් කිරීම සඳහා යෝජනා හා අදහස් ඉදිරිපත් කළ අතර කමිටු 26ක් යටතේ ප‍්‍රතිපත්ති සැකසීම සඳුකෙරෙන බැවින් එම කමිටු සඳහා පක්ෂවල නියෝජිතයෙක් පත්කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Read more

Local News