පැය 24 කින් නියම විභාග සහතිකය නිවසටම

Share

වත්මන් ආණ්ඩුව ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යායුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නීතිය, පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමටද තමන්  සූදානම් බවයි.

තාක්ෂණයත් සමඟ ඉදිරියට යා යුතු බවත් පැවසු අමාත්‍යවරයා, එම ගමන යනවා සේම හොඳ හදවතක් ඇති අපේ කම තියෙන මිනිසුන් ඇති කළ යුතු බවත් පැවසීය.

එදිනෙදා නීතිය නොදැන සිටීම ගැන අද වන විට ගැටළුවක් ඇති බවත් පැවසු අමාත්‍යවරයා, තලතා අමාත්‍යවරිය හා එක්ව නීතිය විෂය මාලාවට එක් කිරීමට සුදානම් වන බව ද කියා සිටියේය.

කරන්න ඕන සියලු වෙනස් කම් නොබියව සිදු කල යුතු බවත් පැවසු අමාත්‍යවරයා, අධ්‍යාපනය තුළින් රටේ අනාගතය තීරණය කිරීමට සිදුවන බවත් සඳහන් කළේය.

පැය 24 කින් නියම විභාග සහතිකය නිවසටම ලබා ගන්නා ක්‍රමවේදය මේ වන විට සාදා අවසන් බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එය ලංකාවේ නොවේ ලෝකයේ වුවද ඕනෑම තැනකට යැවිය හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Read more

Local News