ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

Share

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භ කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(06) 01.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්විය.

අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

මේ අතර නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩර යන අය ද අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News