ව්‍යාජ නෝට්ටුවක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Share

කොබෙයිගනේ පොලිස් වසමේ සුබසෙතගම ප්‍රදේශයේ දී රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඊයේ (18) පස්වරුවේ ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලකට ගොස් එම ව්‍යාජ මුදල් නෝට්ටුව ලබාදීමේදී එහි කළමනාකරු පොලීසියට දැනුම් දී ඇත.

පසුව පොලිස් ස්ථානයේ නිලධාරින් පැමිණ සැකකරුවන් දෙදෙනා ව්‍යාජ රුපියල් 1000 නෝට්ටුවත් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 40 සහ 41 හැවිරිදි මිරිහානේගම, වෙළව හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් අද (19) නිකවැරටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News