මහනුවර, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ පැවැත්විණි.
ඓතිහාසික කන්ද උඩරට නෙල්ලිගල නම් සුන්දර කදු පියසේ පිහිටි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දෙස් විදෙස් ජනතාවගේ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වූ පුදබිමකි.
බෞද්ධ ධර්ම මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශීය සංස්කෘතික ආයතනයක් ලෙස නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අද සුවිශේෂි ආගමික සහ සාමාජයීය මෙහෙවරක් ඉටු කරමින් සිටී.
එහි තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවය සඳහා එක්වූ ජනාධිපතිතුමා වෙත නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ විසින් විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රාකාර බැමි සහිත සංවර්ධනය කරන ලද ඉහළ මළුව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
ඉන් අනතුරුව ශී‍්‍ර ශාඛ්‍යසිංහ සුගන්ධ කුටිය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති ශී‍්‍ර ධාතුන් වහන්සේ වෙත පුෂ්පෝපහාර දැක්වීය.




                                    