බැංකු නොවන මූල්‍ය අංශයේ ණය ගැනුම්කරුවන්ට විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක්

Share

රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැනුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බැංකු අංශය කටයුතු කර ඇත. මෙහි ප්‍රතිලාභය ලබා දීමේ වැදගත්කම සලකා බැලීමෙන් පසු ඒ හා සමාන ණය යෝජනා ක්‍රමයක් බැංකු නොවන මූල්‍ය අංශයේ ණය ගැනුම්කරුවන්ට ද හඳුන්වා දීමට තීරණය කරන ලදී.

 

ඒ අනුව, ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ණය සහන ලබා දීමට නිකුත් කළ චක්‍රලේඛ අංක 01 හි නියමයන් හා කොන්දේසි පදනම් කර ගනිමින් 2019 දෙසැම්බර් 31 දිනට අක්‍රීය ණය ලෙස දැනටමත් වර්ගීකරණය කර ඇති හා ආදායම් උපදවන ක්‍රියාකාරකම් වල නිරත පුද්ගලයන් හා ආයතන වෙත විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

එබැවින්, මෙම යෝජනා ක්‍රමයේ  ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා 2020 මාර්තු 31 දින හෝ ඊට පෙර සියලුම සුදුසුකම් සපුරන ණය ගැනුම්කරුවන් විසින් ලිඛිත ඉල්ලීමක් බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත ඉදිරිපත් කළ යුතු ය.

බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත නිකුත් කළ චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.

Read more

Local News