දකුණු අප්‍රිකාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි – 200කට තුවාල

Share

දකුණු අප්‍රිකාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 200ක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.

ජොහැන්නස්බර්ග් අගනුවර සිට කිලෝමීටර් 20ක් දුරින් පිහිටි ජර්මිස්ටන් නගරයේ අනතුර සිදුව තිබේ. දුම්රියේ ගමන් කළ මගීන් බොහෝ දෙනෙකු තම සේවා ස්ථානකරා ගමන්කරමින් සිටි බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර තිබේ.

Read more

Local News