අද(18) ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 187.23ක් ලෙස ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා ආරථික සහ කොටස් වෙළෙඳපොළ රැසක් බිඳවැටීම්වලට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙරට බලපෑම් ඇතිවූ ක්ෂෙත්ර කිහිපයක නියෝජිතයින් අද මාධ්‍ය හමු පවත්වමින් මෙලෙස අදහස් පල කළේය.
මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙසේ පැවසීය.
“කොන්දොස්තර මහතුන් බරපතළ අර්බුදයක. මුදල් අතට ගැනීමේදී වෛරස් අවදානමක් තියෙනවා. බලධාරීන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ “
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මේ බව පැවසීය.
“නිවාඩුවේ එන්න එපා දන්ත සෞඛ්‍ය කටයුතුවලට. මොකද වෛරසය පැතිර යන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ ලබාදීපු දිනවලට අනුව ඉදිරි දිනවලදී ප්‍රතිකාර කරනවා“
මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති එම් යූ මොහොමඩ් මහතා මේ බව පැවසීය.
“අපි ගාව දින 20කට ඉන්ධන තියෙනවා. තවත් නැව් වලින් තෙල් ලබාගනිමින් ඉන්නවා. මහජනතාව බිය විය යුතු නැහැ“