ස්පාඤ්ඤ ආර්ථිකය මේ වසරේ මුල් කාර්තුවේ සියයට පහයි දශම දෙකකින් පහත වැටී තිබේ.
රට පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පහත වැටීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව මෑත කාලයේ දී එරට ආර්ථිකයේ විශාල පසුබෑමක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද සදහන්.
ස්පාඤ්ඤය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් දෙලක්ෂ 36,000කට අධික වන අතර මරණ 24,275ක් සිදුව තිබේ.