කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධන වේගය කැපී පෙනන අයුරින් පහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ගතවූ කාලයේදී මෙසේ යුරෝපානු ආර්ථිකය කඩාවැටී ඇති අතර, එහි වැඩිම බලපෑමට ප්‍රංශය සහ ස්පාඤ්ඤය මුහුණදී ඇති බවද ඒ වාර්තාවේ සදහන්.
මේ අතර කොවිඩ් ආසාදිතයින් වැඩිම යුරෝපා රාජ්‍යය වන ස්පාඤ්ඤයේ සමස්ත මරණ ගණන 24,543 ක් ලෙසින් සටහන් වන්නේ, ඊයේ වාර්තා වූ නව මරණ 268ත් සමගයි.
ඉතාලියෙන් ගතවූ පැය 24දී මරණ 285ක් වාර්තා වී ඇත්තේ, එරට සමස්ත මරණ ගණන 27,967 දක්වා ඉහළ දමමින්.
මේ අතර ගතවූ දිනය තුළ ඉතාලියේ රෝගීන් 4,693ක් සුවපත්වී ඇති අතර එය සැලකෙන්නේ වාර්තාගත අගයක් ලෙසයි.
එමෙන්ම ගතවූ දිනයේ සිදුවූ නව මරණ 289 සමගින්, ප්‍රංශයේ මරණ ගණනද 24,410ක් ලෙසින් වාර්තා වී තිබේ.
ඒ අනුව විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ, යුරෝපානු කලාපීය වෛරස ව්‍යාප්ති අවදානම ක්‍රම ක්‍රමයෙන් පහවයමින් පවතින බැවින් ඒ රටවල කටයුතු යළි යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවයි.
මේ අතර ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් හමුව ඇති අමෙරිකාවෙන් ඊයේ දිනයේදීත්, නව ආසාදිතයින් 30,825ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම එහි දෛනික මරණ ගණන දැක්වුණේ 2,201ක් ලෙසයි.
මේ අතර නවතම වාර්තා පෙන්වාදෙන්නේ කොවිඩ් ව්‍යාප්තියත් සමගින් අමෙරිකාවේ මිලියන 30ක ජනතාවක් රැකියා විරහිතභාවයට පත්ව ඇති බවයි.
එමෙන්ම රැකියා නොමැති බව පවසමින්, රජයේ ආධාර සදහා ඉල්ලුම්කර ඇති පිරිසද ලක්ෂ 38ක් ලෙසින් දැක් වේ.
ටෙනිසි ප්‍රාන්තයේ වාර්තා උපුටාදක්මින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ එහි සෑම පුද්ගලයින් 6දෙනෙකුගෙන්ම එක් අයෙකු විරැකියාවෙන් පෙලෙන බවයි.
මේ අතර, දැනට කරගෙන යන පර්යේෂණ සාර්ථක වුවහොත් ලබන ජනවාරි මාසය වනවිට සාර්ථක කොවිඩ් පාලන එන්නතක් සූදානම්කරගැනීමට හැකිවනු ඇති බව අමෙරිකාවේ ප්‍රවීණ වසංගත විද්‍යා ප්‍රධානියෙකු වන ආචාර්ය ඇන්තනී ෆෝචි පවසයි.
කොවිඩ් වෛරසය වූහාන් හි පර්යේෂණාගාරයක නිපදවූ බවට හෝ එය ආසාදිත සතුන් ස්පර්ශයෙන් ව්‍යාප්ත වූ බවට සොයාගැනීමට තමන් මෙතෙක් සමත් නොවූ බවට අමෙරිකානු බුද්ධි අංශ කාර්යාලය පසුගියදා අනාවරණය කළේය.
කෙසේ නමුත් ඊට පටහැනි ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් පවසන්නේ, කොවිඩ් නයින්ටීන් වෛරසය චීනයේ වූහාන් නගරයේ විද්‍යාගාරයක් තුළ නිර්මාණ කෙරුණු බවට තමන් සතුව විශ්වසනීය සාක්ෂි පවතින බව යි.
මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ගෝලීය බලවතුන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව, ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසයි.
ජාත්‍යන්තර ප්‍රජාව අතර පවතින අසමගිය ද ඊට දැඩිව බලපා ඇති බව ඔහුගේ මතයයි.