රත්මලානේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Share

රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයක වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු මාලඹේ නගරයේදී අද අත්අඩංගුවට ගැනිණ.

 

පොලීසිය සඳහන් කළේ, ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක් සහ සජීව පතරොම් 35 ක් සමග සැකකරු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අත්අඩංගුවට ගත් බවයි.

ඔහු 40 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පිළියන්දල ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසී ය.

පසුගිය 29 වැනිදා අලුයම මෝටර් රථයකින් පැමිණ පිරිසක් එම හෝටලයකට වෙඩි තබා පලා ගොස් තිබිණ.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News