මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදයේ දැක්වෙයි.

Read more

Local News