මෙසේ දේශීයව වගා කළ හැකි ධාන්‍ය වර්ග ආනයනය නතර කිරීමට රජය විසින් පසුගිය ද පියවර ගනු ලැබීය. එහිදී රජය නිවේදනයක් නිකුත් කරමින් අදාළ පාර්ශවවලින් මෙසේ ඉල්ලා සිටියේය.
“2019/20 මාස් කන්නය දැන් උදා වී ඇත. ඒ සඳහා අවශ්‍ය යහපත් දේශගුණික තත්ත්වයත්, වාර්ෂාපතනයත් ලැබෙමින් පවතී. සියලූ ජලාශ පිරෙමින් පවතී. වාරිමාර්ග මෙන්ම වාරිමාර්ග නොවන ඉඩම්වල දැනටමත් වී වගාව ආරම්භ වී හෝ ආරම්භ කෙරෙමින් ඇත. බඩඉරිඟු, මුංඇට, කවුපී වැනි භෝග මෙන්ම වගා කළහැකි සෑම භෝගයක්ම වගා කරමින් ජාතික ආර්ථිකයේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කරමින් රටින් ගලා යන විදේශ විනිමය අපේ රටේ ගොවි ජනතාවගේ ආදායම බවට පත් කර ගැනීමට කැපවෙමු යැයි අදාළ පාර්ශ්වයන්ගෙන් රජය ඉල්ලා සිටී.“