මහේලට වෙනත් දිනක විශේෂ විමර්ශන ඒකකයට එන ලෙස දන්වයි

Share

අද (03) දින ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස  “ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධනට දන්වා තිබේ.

 

ඒ අනුව මහේල ජයවර්ධනට ඉදිරියේ දී දිනයක් ලබා දෙන බව එම ඒකකය සඳහන් කළේය.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට මහේල ජයවර්ධන කැඳවන බව ඊයේ (02)  “ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ පැවසීය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් “ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය“ මේ වන විට අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ කුමාර් සංගක්කාර යන අයගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර තිබේ.

ඊයේ දිනයේ දී, 2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ  කුමාර් සංගක්කාරගෙන් පැය 10කට  ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

Read more

Local News