ශ්‍රීලනිප අපේක්ෂකයින් 14ක් මෙවර පාර්ලිමේන්තුවට

Share

මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් 14 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

 

පොළොන්නරුව, කුරුණැගල, ගාල්ල, බදුල්ල, අනුරාධපුර, හම්බන්තොට, කෑගල්ල, මොණරාගල, ගම්පහ, යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක වලින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂයින් මෙලෙස මන්ත්‍රීවරුන් ලෙස තේරීපත් වුණි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර, ශාන් විජේලාල්, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත් දසනායක, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් මෙවර මහ මැතිවරණයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර වේ.

ඊට අමතරව ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, සාරතී දුෂ්මන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අංගජන් රාමනාදන් සහ කාදර් මස්ථාන් යන මහත්වරුන් ද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කර ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර වන බව සඳහන්ය.

Read more

Local News