රත්නපුර නගරයේ සිදුකළ වැටලීම්වලින් අලෙවි කිරීම තහනම් කරන ලද රූපලාවණ්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්නපුර දිස්ත්‍රික් ප්‍රධානි ඇතුළු රත්නපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.
මෙම ආලේපන වල අඩංගු අධික රසදිය නිසා සමට අහිතකර බව මෙන්ම ඒවා පිළිකාකාරක ලෙසද පරීක්ෂණ මඟින් සනාථ වී ඇති පසුබිමක වෙළෙඳපොල තුළ අලෙවි කරන බව අනාවරණය වී ඇත.
පිට පළාත්වලින් තොග ලෙස ලබා ගන්නා මෙම ආලේපන රත්නපුර නගරය තුළ අලෙවි කර තිබෙන බව වාර්තා වේ.
රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනාකමකින් යුතු මෙම ආලේපන තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.